මේ වෙලාවේ ව්‍යාපාරිකයෝ කරන්නම ඕන දේ

ව්‍යාපාර කරන ඔබට මේ කාලවකවානුව ඉතා අසීරු අවධියක් බව අප දනිමු. ඊට හේතුව Covid-19 ව්‍යාප්තියත් සමග ලංකාවේ පමණක් නොව ලෝකයේම සැපයුම් ජාලය බිදී ගොස් තිබීමයි. මෙම බිදීයාමත් සමග ඉදිරියේදි ව්‍යාපාරිකයන්ට වඩාත් අපහසු වෙනු ඇත. එසේ වුවත් ඔබ, ඔබේ ව්‍යාපාරය මෙම වෙනසට අනුකූලව වෙනස් වියහැකි නම් ඔබේ පැවැත්ම ස්ථාවර වේ. එසේ නම් මෙම කාලය තුළ ඔබ වෙනස කිරීමට සූදානම් විය යුතුයි. Covid-19 ව්‍යාප්තිය නිසා වඩා වැඩි අවදානමකට මුහුණ දුන් ක්ෂේත්‍ර පහත පරිදිය.
1. සංචාරක කර්මාන්තය - ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය බොහෝ විට විදේශ සංචාරකියින් මත රඳා පැවති නිසා
2. ගුවන් හා නාවික ගමනාගමනය - මෙම කර්මාන්තය අඩපන වීම නිසා ලංකාවේ ආනයන/අපනයන ක්‍රියාවලිය ඇන හිට ඇත.
3. වාහන විකුණුම් හා ඊට සම්බන්ධ සේවා - විශේෂයෙන්ම මේ දිනවලදි ජනතාව තම මූලික අවශ්‍යතා පමණක් ගැන සැලකිලිමත් වන නිසා කෙටි කාලීනව මෙම ක්ෂේත්‍රවල විකුණුම් බොහෝදුරට අඩුවිය හැක.
4. ඉදිකිරීම් හා ඉඩම් විකුණුම් - ඉදිකිරීම් ක්ෂේත්‍රයේද කෙටිකාලිනව පසුබැස්මක් අපේක්ෂා කෙරේ. එසේම ඉඩම් නැවත විකිණීම් වැනි ක්ෂේත්‍ර කෙටි කාලීනව පසු බැසිය හැක.
5. නිෂ්පාදන අංශය - විශේෂයෙන්ම නිෂ්පාදන අංශය උදාහරණයක් ලෙස ඇඟලුම් කර්මාන්තය මේ වනවිට දැඩි ගැටලුවකට මුහුණ දි ඇත. ඊට හේතුව බොහෝ විට ඇඟලුම් නිෂ්පාදකයින් මේ වන විට තම නිමවුම් වෙළෙඳපොළට යොමුකර තිබුනත් අවුරුදු කාලසීමාව තුළ මෙම භාණ්ඩ විකුණාගැනීමට නොහැකි වුනොත් වැඩි ප්‍රමාණයක් Return වීමයි. මේ නිසා ඔවුන්ගේ සේවකයින්ට වැටුප් ගෙවීම පවා අසීරු තත්ත්වයකයි තියෙන්නේ
6. අධ්‍යාපන ක්ෂේත්‍රය - බොහෝ විට අධ්‍යාපන ආයතන, විශ්ව විද්‍යාලවල අධ්‍යන කටයුතු සියල්ලම මේ සමඟ ඇන හිටලා තියෙන්නේ. ඒ නිසා සාම්ප්‍රදායිකව ගුරුවරයා හා සිසුන් එකතුවෙන අධ්‍යාපන ක්‍රමවේදය අඩාල වෙලා තියෙන්නේ.

ඉතින් අපි මේ බිඳ වැටීම් ගැන හිත හිත ඉන් නැතුව මේකෙන් ගැලවෙන ක්‍රමවේදයක් ගැන හිතන්න ඕන. ඉතින් මේ කාලය තුල අවස්ථාව උදාවී ඇති ක්ෂේත්‍ර කිහිපයක් තියෙනවා.
මොනවද මේ ක්ෂේත්‍ර,

Department of Agriculture – Northern Provincial Council, Sri Lanka

1. කෘෂිකර්මාන්තය 

ඉදිරි කාලය තුළ ලෝකයේම දැඩි ආහාර අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්. ඒකට එකම හේතුව තමයි මේ සැපයුම් ජාලය බිඳ වැටීම. ඉතින් ලංකාවේ අපිට තිබුන ස්වයංපෝෂිත ආර්ථිකයට යන්න, අපි හැමෝම කෘෂිකර්මාන්තයට එන්න පුළුවන් නම් ඒක ගොඩක්ම වටිනවා. හැම කෙනෙක්ම තමාගේම ගෙවතු වගාවක් කළොත් අතිරික්තය විකුණලා ආදායමක් ගන්නත් පුළුවන් වේවි. ඒ නිසා මේ වකවානුවේ කෘෂිකර්මාන්තයේ නියැලෙන එක ගොඩක් වාසිදායකයි.

Retailers with shopping apps now see majority of e-commerce sales ...

2. E-commerce 

මේ වෙනකොටත් ඔබට පේනවා ඇති E-commerce site වලට වැඩි වැඩි ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඔබ කරන වෙළදාම අන්තර්ජාලය හරහා කරන එක තමයි මේකෙන් ආදහස් වෙන්නේ. අද වෙනකොටත් ඔබ කරන වෙළදාමට Website එකක් තිබුණානම්, අන්තර්ජාලය හරහා බඩු විකුණුම් ක්‍රමයක් හදාලා තිබුණානම්, මේ අවස්ථාවේ ඔබට ප්‍රයෝජනයට ගන්න තිබුනා. ඒක නිසා අන්තර්ජාලය හරහා ඔබ ගනුදෙනු කරන එක වඩා වාසිදායකයි. මේ මොහොත වෙනකොටත් ලංකාවේ මේ අඩුව පුරවන්න ලංකාවේ බිහිවු අතිවිශිෂ්ට ව්‍යවසායකයෙක් වන ධනික පෙරේරා මහතා (හෙළකුරු නිර්මාතෘ) www.shophere.lk නම්න් website එකක් නිර්මාණය කරලා තියෙනවා, ඉතින් ඔබට පුළුවන් මේ වෙබඅඩවියට ගියොත් Online store එකක් හදාගන්න. මේ නිසා E-commerce කියන්නේ ලංකාවේ අනාගතයේ ව්‍යාපාර කරන ප්‍රධානතම ක්‍රමයක් විදියට හදුන්වන්න පුළුවන්.

PowerUpICT | IoT | Computer Vision

3. ICT - තොරතුරු සන්නිවේදන තාක්ෂණය
අපිට තේරෙන සරල භාෂාවෙන් කියනවා නම් Online Business වලට අනාගතයේදි හොඳ
ඉල්ලුමක් එනවා කියන එකයි මේකේ තෙරුම. ඒක නිසා ඔබට Online Business එකක් පටන් ගන්තානම් ඉස්සරහට හොද Demand එකක් එනවා. ඉතින් මේ යටතේ BPO ඒවගේම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් වෙබ් අඩවි (සේවා සැපයීමට) හා Youtube ,Adsence,Admob මගින් මුදල් උපයන දේට ප්‍රවිශ්ඨ වෙන්නත් පුළුවන්.

Face masks won't help you avoid illness, so why wear them ...

4. Personal & Health care 

Covid-19 ව්‍යාප්තියත් සමග ඔබට පෙනෙනවා ඇති පෞද්ගලික හා සෞඛ්‍ය සේවා වල වර්ධනයක් තියෙනවා. විශේෂයෙන්ම මුඛ ආවරණ, සනීපාරක්ෂක තෙල්, අත්සෝදන යන්ත්‍ර, අත් ආවරණ මේ ආදියට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඔබට මේ ක්ෂේත්‍රවලට සම්බන්ධ යම් සේවාවක් දෙන්න පුළුවන් නම් විශාල වෙළෙඳපොලක් කෙටිකාලීනව ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබට මතක ඇති අපේ YouTube Channel එකේ අපි මීට කලින් හදුන්වා දුන් කැළණිය විශ්ව විද්‍යාලයේ "ධම්මික ප්‍රභාත්" මහතා ඖෂධ අන්තර්ගත Face mask එකක් නිර්මාණය කරලා මේ වන විට ඔහුගෙන් ඉල්ලුම් කරන ප්‍රමාණය සපයගන්න බැරි තත්ත්වට ඇවිත් තියෙනවා. ඒක නිසා මේ Corona ව්‍යාප්තිය නතර වනතුරු මේ සේවාවලට වැඩි ඉල්ලුමක් තියෙනවා.

Developments in the frozen and chilled markets

5. Food processing & Retail  (කල්තබා ගන්නා ආහාර හා එහි සිල්ලර වෙළදාම)
ආහාර බෙදාහැරීම මේ වනවිටත් දැඩි ගැටලුවකට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා වියළි කොස් දෙල් වගේම දැඩි සීතකළ ආහාර වලටත් වැඩි ඉල්ලුක් තියෙනවා. ඉතින් ඔබටත් මෙවැනි ක්ෂේත්‍රයකට සම්බන්ධ වෙලා භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් වැඩි වෙළදාමක් කරගන්න පුළුවන්.

Choose Medicine Delivery At Your Doorstep – Explody Full

6. ඖෂධ හා සෞඛ්‍ය සහයක සේවා 

මේ දිනවල ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක ඖෂධ හා සෞඛ්‍ය සහයක සේවා වලටත් දැඩි ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ ඔබ නියැලුනොත් ඉතාමත් සාර්ථක වෙන්න පුළුවන්.

මේ ලිපියේ මට වැඩිපුරම කතාකරන්න ඕන වුනේ අපේ ව්‍යාපාරවලට යම් යම් අවාසිදායක තත්ත්වයත් ඇති උනත් අපිට අවස්ථා උදා වෙලා තියෙනවා. ඉතින් ඒ අවස්ථා ප්‍රයෝජනයට ගත්තොත් ඔබටත් සාර්ථක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ICT හා E-commerce ගැන ඔබ වැඩිපුර උනන්දු වෙන්න කියන එක තමයි වඩාත්ම සුදුසු වන්නේ. විශේෂයෙන්ම 3G, 4G වල ඉන්න අපිට 5G ආපු ගමන් Online Business කියන එකත් අංක 1ට එනවා. ඒ නිසා මේ ලැබුන විවේකයේ ඔබ හරියටම Plan කරොත් ඔබේ ව්‍යාපාරයෙත් මේ වෙනතාක් තිබුන ගමන් මග වෙනස් කරලා ඉදිරියේ ඉතා සාර්ථක වෙන්න පුළුවන්.

සැකසුම: විරාජ් හේනේගෙදර
(B.B Mgt(HRM) Sp,ACA,CTA,MAAT)

Related Articles